සංකල්පීය නිර්වචනය

සංකල්පීය නිර්වචනය

නියඟය පිළිබද  නියඟය පිළිබඳ සංකල්පය තේරුම් ගැනීමට ජනතාවට උපකාර කිරීම. උදාහරණයක් වශයෙන්:

නියඟය යනු හිඟ වර්ෂාපතනයේ දීර්ඝ කාල පරිච්ඡේදයක් වන අතර එහි  ප්‍රතිපලයක් වශයෙන් ලෙස බෝග වලට විශාල හානියක් සිදු වී එහි  ප්‍රතිපලයක් ලෙස අස්වැන්න අහිමි වේ.

නියඟ ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමේදී සංකල්පීය අර්ථ දැක්වීම් ද වැදගත් විය හැකිය.උදාහරණයක් ලෙස, ඕස්ට්‍රේලියානු නියඟ ප්‍රතිපත්තිය නියඟය පිළිබඳ අර්ථ දැක්වීමට සාමාන්‍ය දේශගුණික විචල්‍යතාවයන් පිළිබඳ අවබෝධයක් ඇතුළත් කර ඇත. රටක  ගොවීන්ට මූල්‍යාධාර සපයන්නේ නියඟ තත්වයන් සාමාන්‍ය අවදානම් කළමනාකරණයේ කොටසක් ලෙස සැලකිය හැකි මට්ටමට වඩා වැඩි වූ විට එනම්  “සුවිශේෂී නියඟ තත්වයන්” යටතේ පමණි. සුවිශේෂී නියඟය පිළිබඳ ප්‍රකාශන පදනම් වන්නේ විද්‍යාව මත පදනම් වූ තක්සේරු කිරීම් මත ය.මීට පෙර, නියඟය ප්‍රතිපත්තිමය දෘෂ්ටි කෝණයකින් මනාව නිර්වචනය කර ගොවීන් විසින් හොඳින් වටහා නොගත් විට, අර්ධ ඕස්ට්‍රේලියානු දේශගුණයේ සමහර ගොවීන් වසර කිහිපයකට වරක් නියඟ ආධාර ඉල්ලා සිටියහ.