උපදේශකයින්

උපදේශකයින්


මහාචාර්ය බ්‍රැඩ්ෆීල්ඩ් ලියොන්

බ්‍රැඩ්ෆීල්ඩ් ලියොන් MIT වෙතින් කාලගුණ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇති අතර 1999 දී IRI ආයතනයට බැඳුණි. ඔහු විශේෂයෙන් උනන්දු වන්නේ හේතුකාරක යාන්ත්‍රණ, කලාපීය ප්‍රකාශනයන් සහ අනාවැකි මෙන්ම නියඟයේ බලපෑම් පිළිබඳව සොයා බැලීමට ය.

මහාචාර්ය නොයෙල් ඇලෝසියස්

නොයෙල් ඇලෝසියස් ජෛව වෛද්‍ය, ජීව හා රසායනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සහකාර මහාචාර්යවරයෙකි. ඔහුගේ පර්යේෂණ අතරට: කලාපීය වශයෙන් දිය ආකෘති නිර්මාණය කිරීම මගින් අවධාරණය කළ හැකි ජලවිදුලි විද්‍යාව; ජල හා ආහාර සුරක්ෂිතතා තක්සේරුව; මානව-ස්වාභාවික පද්ධති සම්බන්ධ කිරීම; පාරිසරික විපර්යාස; කෘෂිකර්මාන්තයේ ඉඩම් හා ජල කළමනාකරණය මෙන්ම ස්වාභාවික සම්පත් කළමනාකරණය සඳහා දුරස්ථ සංවේදනය යන ඒවා අන්තර්ගතවේ.

ආචාර්ය රන්මලී බණ්ඩාර

රන්මලී බණ්ඩාර 2005 දී ශ්‍රී ලංකාවේ සබරගමුව විශ්ව විද්‍යාලයේ පළමු පන්තියේ ගෞරව උපාධියක් සහිතව හා 2008 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පාරිසරික පාංශු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තාය. එමෙන්ම, 2014 දී ආචාර්ය උපාධිය ලබා ගත් අතර ඇය වැසි ජලය එක්රැස් කිරීමේ ව්‍යාපෘතියේ වැඩකටයුතු සඳහා සහය විය.

ආචාර්ය විදුර රාලපනාවේ – තොරතුරු තාක්ෂණ උපදේශක

විදුර රාලපනාවේ යනු දේගුණ විද්‍යාව, සන්නිවේදනය, ආයතනික උපායමාර්ග සහ වෙනස්වීම් යන ඒවා සඳහා  මූලික පුහුණුව ලැබු  අයෙකි. ඔහු විද්‍යාවේදී උපාධියක් ලබා ඇති අතර (ඉංජිනේරු) 1996 M.Sc ශාස්ත්‍රපති උපාධිය ශ්‍රී ලංකාවේ මොරටුව විශ්ව විද්‍යාලයෙන් ද 2000 දී U.K. බාත් විශ්ව විද්‍යාලයෙන් වගකීම් සහ ව්‍යාපාර පුහුණුවීම් පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ඇත. ඔහු නිව්යෝර්ක් හි IBM හි සේවය කර ඇති අතර පසුව ශ්‍රී ලංකාවේ ආයතනික අංශයේ සමාජ හා පාරිසරික අවදානම් කළමනාකරණය සහ ව්‍යාපාර උපාය මාර්ග පිළිබඳ උපදේශකයෙකු ලෙස සේවය කර ඇත. තිරසාර සංවර්ධනය, තාක්‍ෂණය සහ දේශගුණික තොරතුරු භාවිතය පිළිබඳව ඔහු උනන්දු වෙයි. එම නිසා, FECT මගින් කළ  ශ්‍රී ලංකා ස්වාභාවික ආපදා උණුසුම් ස්ථාන ව්‍යාපෘතිය පිළිබඳ සිද්ධි අධ්‍යයනය ඔහු විසින් මෙහෙයවන ලදී. ඔහු දැනට එපික් සමූහයේ විධායක උප සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබයි.

මහාචාර්ය පියසේන වික්‍රමගමේ – ජීඅයිඑස්, පාංශු හා ජල විද්‍යාව

මහාචාර්ය වික්‍රමගමගේ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස සහ D.S. හි ජ්‍යෙෂ්පඨ පර්යේෂණ විද්‍යාඥයෙකු ලෙස සේවය කරයි. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් භූගෝල විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබා ගත් අතර ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් භෞතික භූ විද්‍යාව පිළිබඳ ඔහුගේ ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහුගේ ප්‍රධාන පර්යේෂණ ක්ෂේත්‍ර අතරට GIS, පාංශු, ජල විද්‍යාව, දේශගුණය සහ පාරිසරික බලපෑම් තක්සේරුව ඇතුළත් වේ. ඔහු වැසි ජලය එක්රැස් කිරීමේ ව්‍යාපෘතිය (ප්‍රක්ෂේපනය), සංවර්ධන පුහුණු ව්‍යාපෘතිය (MacArthur), ඇග්මිප් ව්යාපෘතිය (DFID) සහ ජලය සහ උපද්‍රව පිළිබඳ PEER ව්‍යාපෘතිය (National Academy of Sciences, USAID) වැනි යෝජනා සහ දීමනා  කිහිපයක් පිළිබඳ හවුල්කරුවෙකු මෙන්ම සහයෝගිතාකරුවෙකු සහ ප්‍රධාන  විමර්ශකයෙකු ලෙස කටයුතු කර ඇත.

ආචාර්ය ලරීෆ් සුබෙයාර් – ප්‍රධාන විද්‍යාඥ  / දේශගුණික හා අනුවර්තන විද්‍යාඥ සහ තාක්‍ෂණ විද්‍යාඥ

DS හි ප්‍රධාන විද්‍යාඥ / ඉංජිනේරු ආචාර්ය ලැරීෆ් සුබෙයාර් පසුගිය දශක දෙකක කාලයක සිට නිවර්තන කලාපය සඳහා දේශගුණය, පරිසරය, අනුවර්තනය හා තාක්‍ෂණික දියුණුව යන අංශවල කටයුතු කරයි. ඔහු දේශගුණික පද්ධති, අනුවර්තන ප්‍රවේශයන් පිළිබඳ පර්යේෂණ සිදු කරන අතර නිවර්තන ස්ථානවල (ශ්‍රී ලංකාව, බොට්ස්වානා, මාලදිවයින සහ කැමරුස්) ප්‍රායෝගික විසඳුම් ජනනය කිරීම සඳහා මෙම පර්යේෂණ දත්ත භාවිතා කරයි. තීරණ ගන්නන් සහ අනෙකුත් පර්යේෂකයින් සහ පිරිසක්  සමඟ සහයෝගයෙන්, ව්‍යාපෘති හරහා ඔහුගේ කටයුතු සිදු කෙරේ.

මීට පෙර ඔහු යේල් විශ්ව විද්‍යාලයේ (U.S.A.) ගණිතය හා ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පශ්චාත් ආචාර්ය උපාධිය ලබා ගෙන ඇති අතර වායුගෝලීය විද්‍යාව පිළිබඳ විශ්ව විද්‍යා සම්මේලනයේ දේශගුණික අධීක්ෂණ හා යෙදුම් පිළිබඳ ද කටයුතු කළේය. ඔහු ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්යවරයකු වශයෙන් ද ශ්‍රී ලංකාවේ මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත. එමෙන්ම, දේශගුණික හා සමාජ පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනයේ (IRI) විද්‍යාඥයෙකු  ලෙස ද අනුයුක්තව සිටී.