මෙම අඩවිය පිළිබද

මෙම අඩවිය පිළිබද

 

දළ විශ්ලේෂණය

නියඟය යනු ජල-කාලගුණ විද්‍යාත්මක උපද්‍රවයකි. මෙම වෙබ් අඩවිය මගින් නියඟයන්ගේ ඓතිහාසික හා කාලීන දත්ත/තොරතුරු උපයෝගී කරගනිමින් එම තොරතුරු මහජනතාව වෙත ලබාදීම, නියං අවධානම් පිළිබඳ පූර්ව දැනුවත්කිරීම් සිදුකිරීම, සම්පත් කළමනාකරණයට මෙන්ම  දේශගුණික අනුවර්තනයන්ට හැඩගැසීමට උපකාර කිරීම හා ආපදා අවම කරගැනීමට උපකාරී වීම සිදු කරනු ලැබේ. තවද, අපි සතිපතා දේශගුණික නිරීක්ෂණ සහ අනාවැකි, නිවේදනයක් මගින් ඉදිරිපත් කරන්නෙමු.

පරිශීලකයන්

මෙම වෙබ් අඩවිය මගින් ඉලක්ක කරනු ලබන පරිශීලකයන් වනුයේ මධ්‍යම මට්ටමේ  සිට තෘතීයික මට්ටමේ පාසල් සිසුන්, ජල හිඟයන්ට මුහුණදෙන ප්‍රජාවන්, ගොවි ජනතාව හා කෘෂිකාර්මික කටයුතු වල නිරතවන කම්කරුවන්, පෞද්ගලික වතු හිමියන්, මහජන සෞඛ්‍ය නිලධාරීන් හා ජල සම්පාදන/වාරිමාර්ග කළමනාකරුවන්ය.

අරමුණු

අපගේ අරමුණු වනුයේ,

  • නියඟය හා තාපජ ආතතීන් පිළිබඳ තොරතුරු මහජනතාව වෙත ලබාදීම.
  • නියං දර්ශක හා පසුගිය කාලයන්ගේ ඇතිවූ නියං පිළිබඳ  තොරතුරු  සමාජගත කිරීම.
  • මධ්‍යම මට්ටමේ සිට තෘතීයික මට්ටමේ පාසල් සිසුවා දක්වා අධ්‍යාපනිකව වැදගත් වන කරුණු ලබාදීම.
  • ප්‍රජාව පිළිබඳ, ජලය, ජල සැපයුම්, ආපදා, ස්වභාවික සම්පත් හා කෘෂිකාර්මික සම්පත්, මහජන සෞඛ්‍ය පිළිබඳ  තීරණ ගැනීමට උපකාරී වීම
  • දේශගුණික විපර්යාසයන් හා විචල්‍යතාවයන් නියඟය කෙරෙහි බලපාන ආකාරය අධ්‍යනය කිරීම

මූලාශ්‍ර

අප සපයන තොරතුරු පාදක වී ඇත්තේ පසුගිය දශක දෙක තුල සිදුකරනලද්දාවූ සම-සමාලෝචිත විද්‍යාත්මක ව්‍යාපෘති හා සම-සමාලෝචිත ප්‍රකාශනයන් මතයි.